Showing posts with label රුහුණු සරසවිය. Show all posts
Showing posts with label රුහුණු සරසවිය. Show all posts
ඇඳුරු දිසාපාමොක් ආගිය අතක් නැත
සාමා අමර වැලිකඩ හිර ගෙදර ඇත
හෝඩිය බොඳව සිතුවම් පොත මැකී ඇත
දින නියමයක් නැතිව සරසවි වැසී ඇත
කැන්ටිමේ පල් වෙච්ච
හොද්ද ගා පාං කා
ශිල්ප කළත් හත් අවුරැද්දක්
බඩ පනුවොත් නිදැල්ලේ
ෆුට්බෝල් කෙළිනවා
දවසක් එක සැඳැවක
අපි දෙන්නා මෙහි තනිවී
ජීවිතය ‍තේරුම් ගැනීමට අසීරුව
බලා සිටියා උනුන් දිහා
තබන තබන වෙඩි ආපිට හැරීයන්
මරණ මරණ මිනියට පණ ලැබීයන්
ගහන ගහන ගැටවල් ටික ලිහීයන්
සිසුන් මරණ තොපිලට හෙණ වැදීයන්
ඔහු හෝ ඇය
ලංවෙයි හදකට
සෙනහසින්
එහෙත් වෙන්කර දමා යනු එපා
ඔහු හෝ ඇය
කුරිරු විලසින්
සෙනහස දුකක්
අපමණ බරක්
අදමෙන් හෙටත්
මේ දුක දුකක්
ජීවිතයේ එක්වරක්
එකම එක වතාවක්
මුදු දෙතොල් විවර කොට
මිමිණුවොත් ආදරෙන්
වැළඳගෙන ආදරෙන්
ඒ මොහොත පටන් යළි
ලබන්නෙමි ජීවිතය
ආදරය තුළ ඇතිමුත් බොහෝ අරුතක්
සැඟව ඇතිමුත් ලොවට නොදැනෙන
ජීවිතේ නව මං පෙතක හිඳ
ආදරේ හට නොකරං දෙවැනි තැන
සුදු වළා කැටිව ගත්
අඳුරු අහස් කුස යට
සිහිල් මද පවන් මැදින්
දුවයි සිත ඈ වෙතට
මී හරකුන් ලැගිය මේ බිම සුද්ධ කොට
හෙට මිනිසුන් ලෙසින් ඉන්නට සිසුන් හට
කලයුතු මෙහෙය ඉටු කොට දිවි පුදන්නට
සතුටකි උපාධිය මට හිමි නොවුනාට
ධනපති පංතියෙන් පැන පැන අරගත්තු
කළා පීඨ අධිපති ඩී. අතපත්තු
තම නිල බලය ගිනි අවියක් කර ගත්තු
නොමරා මරනවා සරසවි දූ පුත්තු
ආවේ ගෙදර සිට ඩිග්රිය අරගන්න
කෑවේ පාන් අප හට නැත බත් කන්න
කොක්කක් ගැහුවොතින් හැක මට බත් කන්න
කවුරුද කැමති මට බත් අම්මා වෙන්න
සුවඳ විහිද මල් පුබුදින වෙලාවට
පවන් පොදින් නව සුවඳක් උනේ මට
සිනා කවට සපිරුණු පිරි සැඳැවක
දෙනෝ දහක් මැද තනිකම දැනේ මට
සතුට සැනසුම
සුහඳතාවය
නොමැත සැම විට
මෙලොව අප සතු
කඳුළු අතරින් සිනාසෙන්නට
නොහැක එනමුත්
එයයි කළයුතු