Showing posts with label ජ'පුර සරසවිය. Show all posts
Showing posts with label ජ'පුර සරසවිය. Show all posts
--පැනය
වසර හතරක්
නොයෙක් දුක් විඳ
ඇතැත් කාලය නිම වෙලා
ගමට යන්නට හිතක් නෑ මට
තට්ටය ද හොඳටම පෑදිලා
--පිළිතුර
තට්ට හිස ගැන
කුමට කම්පා
පිරුණු මොලයක් තිබේනම්
මොලය යොදවා
සිතා සැනසෙනු
ගමට ගොස් සතුටින් ලොලේ
පහන් කණුව
මම
දැවී ගිය විදුලි බුබුල
ඇය
--පැනය
මල් මල් කීවාට හැම මල් සුවඳ නැත
සමන් පිච්ච මල මුදුනේ රේණු නැත
පිටතට තිබෙන හිතවත් කම් ඇතුලෙ නැත
ආදිම මිනිසාවත් මෙතරම් දරැණු නැත
--පිළිතුර
එසේ වුවත් සුවැඳැති මල් එමට ඇත
රේණු නැතත් මල පුරාම සුවඳ ඇත
ඇතුලේ තිබෙන දෙය පිටතට පෙනෙනු නැත
එදා තරම් අද මිනිසා දරුණු නැත
සරසවියේ අසරණ වී සිටින විට
ඔබ හමුවූයේ දිය බිඳුවක් විලස මට
පැමිණිය නමුදු සිව් වසරක් කෙළවරට
යම්දෝ කෙසේ ඔබ හැරදා මම ගමට
සිව් විසි පැයෙහිම සිහිවෙනවා ඔබගෙ වත
කය මෙහි උනත් ඇත ඔබෙ ලඟ මගේ හිත
දෛවය මඟින් ගිලිහුනොතින් ඔබේ වත
එදිනට මගේ අවසන් ගඳ දැනෙනු ඇත
සිප් සතර දැන උගෙන
මගේ ලොවට ඔබ රැගෙන
හදවතේ ගිනි නිවන
ඒ සොඳුරු දින කොතැන
ඇලක දොලක ගංගාවක ගැඹුරු දියේ
යම් දිනයක මා සතු සිරුර තියේ
ඒ රුදු ජල තරලයට මා නොවෙයි බියේ
ඒ රුදු ගැහැණියට සැඟ ව සිටිමි බියේ
ක්රෑම දාන විට බොග සෙට්වෙන්න එපා
අතේ සතේ නැති විට බඩගිනි වෙන්න එපා
මෙදා පොටේ එග්සෑමය ඇනෙනු එපා
යළිත් මේ බිමට එන්නට සිදුවන්න එපා
නංගී මිය ගියා එය දුක් ගොඩක් උනා
සරසවි බිමේ නුඹ මට නංගියෙක් උනා
අපේ ඇසුර දැන නොයෙකුත් පද බැඳුනා
නුඹේ හොඳට මම මෙහි හුදකලා උනා
ගන්නා මුත් පෑන අත දැඩි කර චිත්තයේ
කුරුටු ගෑමට සිතා නිසදැසක් බිත්තියේ
නැත කිසිම අදහසක් ඇතිවන්නේ චිත්තයේ
පෑන විසිකර තලමි මදුරුවන් බිත්තියේ
මින් මතු අප හමුවේද ආයේ
කස ගස් සෙවනෙද් ආදරයෙන්
හීන් සැරේ ඔබ සිතටම එනවා
දයාඹරයි මා එදා වගේ
ටයරය ගිනි දළුව යෞවන සිරුර මැඩ
දුටුවෙමු දකින්නට බුරමින් නැගෙන හඩ
අවනීතියට එරෙහිව උන් නඟන හඩ
යලි යලි ඇසෙයි ලිනි දළුවල සිරස මැඩ
කලිසම ගියා මාතර බෙල්ට් එක අනුරපුරේ
කමිසය ගියා කලුතර සපත්තු රත්නපුරේ
ඔරලෝසුව ගියා නුවර බෑගය අම්පාරේ
මේවා එකට කවදා හමුවේද ජ'පුරේ
මම වගෙ ඔහුත් මේ කාමරෙ ඉන්න ඇති
නිදි කිර කිරා රෑ කෑමත් දමන්නැති
කෑමට කියා ඔහු අඩුවක් ගහන්නැති
වැඩක් නැතුව ඔහු තාමත් ගෙදර ඇති
සටහන් මිටිය සමනළ කඳු වැටිය වැනි
නිදිමත දැනේ නෙත් දෙක කඳු මුදුන් වැනි
දාඩිය මුඟුරැ සාගරයේ ජලය වැනි
ඇනුනොත් විභාගය අපි බලු පැටැව් වැනි
දහවල් කලට ඇඳිරිඳු වාසනාවන්
සැන්දෑ කලට කෙල්ලන්ගේ පනාවන්
රෑ තුන්යම මඳුරුගේ ගායනාවන්
එලිවන පැයට නිදි දෙව්දුව වාසනාවන්